දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා…! උසස් පෙළට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න..!

January 23, 2023 at 10:39 am | by emanisa.lk

උසස් පෙළ විභාගය ආරම්භ වන හෙට (23) දින විදුලිය කප්පාදු කර දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

දරුවන් සමඟ හෝ ආර්ථික සමඟ සෙල්ලම් කිරීමට මෙය සුදුසු කාලයක් නොවන බව කී ජනක රත්නායක විදුලි ඉල්ලුම අඩු වී තිබෙන බැවින් ජල විදුලිය, ගල්අඟුරු සහ පුනර්ජනනීය යන ක්‍රමවේදවලින් අවශ්‍ය විදුලි ධාරිතාවෙන් සියයට 95 ක් සපයාගත හැකි බව ද සඳහන් කළේය.

විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය සැපයීමට ඉන්ධන මිල දී ගැනීම සඳහා රුපියල් කෝටි 500 ක් වැයවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කරන ප්‍රකාශ සාවද්‍ය බව ජනක රත්නායක කීවේය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා කාලයේ දී රටේ සියලුම ජනතාව විදුලි පරිභෝජනය යම්තාක් දුරටත් අඩු කර රජය, විදුලිබල මණ්ඩලය සහ මහා භාණ්ඩාගාර අනිවාර්යෙන්ම සහයෝග දී අනාගත පරම්පරාවට මේ අවස්ථාවේදී සහයෝගය දියයුතු බවත් විභාගය කාලයේදී පස්වරු 3.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේදී පමණක් විදුලිය කැපීම මගින් ද විදුලිබල මණ්ඩලයට සහයෝගය දැක්විය හැකි බවත් හෙතෙම කීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹදී අද (22) පස්වරුවේ විශේෂ මාධ්‍යහමුවක් පවත්වමින් එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *