අධික වැසි සමග ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදුවූ ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් නව දෙනෙකු 7 දෙනෙකු අතුරුදන්ව ඇත.
ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක සිදුවූ නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් මෙම පිරිස මියගොස් සහ අතුරුදහන්ව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා පැවසීය.
අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව ලේකම්වරයා සඳහන් කළේය.