දකුණේ කැබිනට් ඇමතිගේ දුව PhD උපාධියට එංගලන්තයට… නවාතැන් පහසුකම් කොටි ඩයස්පෝරාවේ රාජාගේ නිවසේ…!

May 20, 2026 at 9:30 am | by emanisa.lk

වත්මන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියක් සිය ආචාර්ය උපාධිය (PhD) හැදෑරීම සඳහා එංගලන්තයට ගොස් නිව්කාසල් ප්‍රදේශයේ රාජා නැමැති කුප්‍රකට ඩයස්පෝරා ක්‍රියාකාරිකයෙකුගේ නිවසක රැඳී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අනාවරණය කරයි.

රටක දරුවෙකු තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වීම කිසිසේත්ම ගැටලුවක් නොවන බව මෙහිදී පැහැදිලි කළ මන්ත්‍රීවරයා, නමුත් මෙරට දේශපාලන බලධාරීන් පවත්වාගෙන යන දෙබිඩි පිළිවෙත මෙයින් මනාව පැහැදිලි වන බවද පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම වත්මන් රජයේ බලධාරීන් එක් පැත්තකින් රණවිරුවන් සමරන බව පවසමින්, අනෙක් පැත්තෙන් රහසිගතව ඩයස්පෝරා සංවිධාන සහ ඔවුන්ගේ ක්‍රියාකාරීන් සමඟ සමීප ගනුදෙනු පවත්වන බවට හෙතෙම චෝදනා කරයි.

එබැවින් ආණ්ඩුව තමන් කාගේ පාර්ශ්වයේද? නැතිනම් දෙපාර්ශ්වයම සමඟ සිටිනවාදැයි රටට පැවසිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *