දකුණු පළාත් සභාව ටෙන්ඩර් පටිපාටි බල්ලාට දමා හිතුමතේ වැඩ!

February 3, 2019 at 4:33 am | by admin

දකුණු පළාත් සභාව මගින් ව්‍යාපෘති හයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඒවා ප්‍රදානය කිරීමකින් තොරව එකම කොන්ත්‍රාත්කරුවකුට වැඩ භාරදී ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ 307ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 2017 නොවැම්බර් 16 වැනි දින මෙලෙස ලංසු කැඳවා ඇත.එලෙස ලංසු කැඳවා තිබියදී 2017 නොවැම්බර් 29 වැනි දින සිට දෙසැම්බර් 11 වැනි දින දක්වා කාලයේදී එම ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කර තිබේ. මෙලෙස එකම කොන්ත්‍රාත්කරුවකුට වැඩ බාරදී ඇත්තේ 2017 දෙසැම්බර් 15 වැනි දිනදීය.

එම ඉදිකිරීම් ද නිසි පරිදි සිදු කර නොතිබූ බව අධිකරණ විභාගයකදී හෙළිවී ඇත.

චමින්ද සේනාරත්න
අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස