තොරතුරු දැන ගැනීමේ පනත පණ අදී… රනිල් ගැන සොයා එංගලන්තයට ගිය CID නිලධාරීන්ගේ වියදමත් හංගයි…!

January 26, 2026 at 6:18 pm | by emanisa.lk

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය පිළිබඳ විමර්ශනය සඳහා එංගලන්තයට යවන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙනුවෙන් දැරූ වියදම් හෙළි කිරීම ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ඉල්ලා තිබූ අතර එම තොරතුරු ලබා දීම අදාළ නිලධාරීන්ගේ ආරක්ෂාවට සහ විමර්ශනවලට තර්ජනයක් යැයි ප්‍රකාශ කරමින් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහට ගෞරව ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා මහජන මුදල් රු. ලක්ෂ 166ක් වියදම් කරමින් රනිල් වික්‍රමසිංහ එවක ජනාධිපතිවරයා සහභාගී වූ බවට චෝදනා කරමින් විමර්ශනයක් ආරම්භ කළ අතර මෙම නිලධාරීන් එංගලන්තයට ගොස් ඇත්තේ එහි කොටසක් ලෙසය.

කෙසේ වුවද මෙම විමර්ශකයන් එම උත්සවය සංවිධානය කළ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය වෙත ගොස් තිබුණේ නැත.

විවිධ පාර්ශ්ව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කරන ලද බොහෝ තොරතුරු විවිධ හේතු දක්වමින් ලබානොදීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශයේ කටයුතු කරන පිරිස පවා හෙළිකිරීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *