තොප්පිගල නෙලුගල රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු හඳුන්නෙත්ති අණින් නවතී…!

February 18, 2026 at 4:56 pm | by emanisa.lk

මඩකලපුව තොප්පිගල නෙලුගල විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නතර කරන ලෙස ආණ්ඩුව උපදෙස් ලබාදී ඇතැයි සමාජ ක්‍රියාකාරිකයෙකු වන දුලාර ගුණතිලක පවසයි.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මඩකලපුව සංවර්ධන රැස්වීමේදී ඇමති සුනිල් හඳුන්නෙත්ති මෙම නියෝගය ලබාදී ඇති බවයි.

නෙලුගල විහාරය ඉපැරණි අරාම නටබුන් සහිත විහාර පරිශ්‍රයක් වන අතර එහි ක්‍රි.ව. 1-3 වන සියවස්වලට අයත් ශිලා ලේඛන දක්නට ලැබේ.

ඇමති සුනිල් හඳුන්නෙත්ති මාතර මෙන්ම මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *