ජාතික ජන බලවේගය විසින් බලය පිහිට වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනා ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු කර තිබේ.
ඒ පක්ෂ තීන්දුවට පටහැනිව ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය ලබා ගෙන බලය පිහිට වූයේ යැයි චෝදනා කරමින් සභාපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස පක්ෂය බලපෑම් කරන පසුබිමකය.
ජාතික ජන බලවේග නායකත්වය නෝර්වුඩ් මන්ත්‍රී පිරිසට දැනුම් දී ඇත්තේ එහි සභාපති ධුරය ජීවන් තොණ්ඩමන් නායකත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයාට ලබා දෙන ලෙසය.
කෙසේ වුව ද ජීවන් තොණ්ඩමන්ගේ පක්ෂයේ නියෝජිතයා දූෂිතයකු බව අවධාරණය කරන මාලිමා මන්ත්‍රී පිරිස ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ සහායෙන් සභාවේ බලය පිහිටුවාලීමට කටයුතු කර ඇත.
ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් ඊයේ (30) නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව වෙත ගොස් එම සභාවේ ලේකම් කේ.මුරලි ඉදිරියේදි වැඩ භාරගෙන ඇත.