තේවලින් සියයට 75ක් නිපදවන්නේ අපි… මහ වතුවලට දෙන රු. 200 අපටත් ඕන…! – කුඩා වතු හිමි සංගම්…

November 19, 2025 at 9:53 am | by emanisa.lk

2026 අයවැය මගින් යෝජිත රජය විසින් මහා පරිමාණ තේ වතු සේවකයන්ට ලබාදෙන රුපියල් 200 දෛනික දීමනාව කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු සේවක පිරිස් සඳහා ද ලබා දෙන ලෙස ඉල්ලීමක් යොමු කර තිබේ.

මේ වන විටත් ඒ වෙනුවෙන් මැදිහත්වීමක් ඉල්ලා ගාල්ල – කළුතර වතු හිමියන්ගේ සංගමය විසින් වැවිලි කර්මාන්ත සහ යටිතල පහසුකම් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එමගින් ඔවුන් අවධාරණය කර ඇත්තේ මහා පරිමාණ සමාගම් මෙරට තේ නිෂ්පාදනය සඳහා 25%ක දායකත්වයක් ලබා දෙන අතර ඒ ආශ්‍රිත සේවක පිරිස 87000ක් පමණ වන නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු කර්මාන්තයට 75%ක දායකත්වයක් ලබා දෙන අතර එහි සේවක පිරිස ලක්ෂ 5ක් පමණ වන බවයි.

මහා පරිමාණ සමාගම් කිහිපය වෙනුවෙන් රජයේ සහනය ලබාදීම සහ තමන් ඇතුළු පාර්ශ්වයන්ට එම පහසුකම් ලබා නොදීම බලවත් අසාධාරණයක් බව ද එම ලිපිය මගින් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *