තෙල් සංස්ථා සභාපති සිය සුපිරි රථය විකුණා සේවකයන්ට AC බස් දෙකක් මිලට ගනී…!

January 26, 2025 at 11:31 am | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සිය පරිහරණය පිණිස දී ඇති අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය භාවිතය ප්‍රතික්ෂේප කර තිබේ.

එයට හේතුව මේ මෝටර් රථය ඉන්ධන භාවිතය අතින් අවම කාර්යක්ෂමතාවක් සැපයීමයි. අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කටය.

මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක් පමණි. මේ සුපිරි මෝටර් රථයේ වර්තමාන වටිනාකම වන්නේ රුපියල් මිලියන 52ක් හෙවත් ලක්ෂ 520කි.

සභාපතිවරයා මේ වන විට තීරණය කර ඇත්තේ එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දෙන්නටය.

ඒ හරහා සංස්ථාවට විශාල වැයක් අඩු වනු ඇත. එක් අතකින් බස් මිල දී ගන්නා නව බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ එක් බස් රථයකට මිලියන 20ක් පමණ වන අතර, බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ මිලියන 40ක් පමණ මුදලක් පමණි.

ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව පසුගිය සිකුරාදා ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *