තෙල් මිල වැඩි කළේ ආණ්ඩුව නෙමෙයි, තෙල් සංස්ථාව… ඒවාට අපි මැදිහත් වෙන්නේ නෑ…! – ඇමති චතුරංග අබේසිංහ….

March 11, 2026 at 10:12 am | by emanisa.lk

ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කළේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නොව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිපාලන නිලධාරීන් විසින් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ප්‍රශ්නය – ආණ්ඩුව තෙල් මිල වැඩිකරන්න හදිසි වුණා වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?

“නෑ. ආණ්ඩුව නෙවෙයි. මේක CPC තීරණයක්. ඒ තීරණයට අපි මැදිහත් වෙන්නෙ නෑ.”

ප්‍රශ්නය – ඉස්සර ඔහොම නෙවෙයිනෙ කිව්වෙ?

“නෑ. ඉස්සරත් කියන්නෙ ඇමතිතුමා රාජ්‍ය ව්‍යවසායවලට මැදිහත්වෙලා රාජ්‍ය ව්‍යවසාය අකර්මණ්‍ය වුණා කියලානෙ කිව්වෙ.”

ප්‍රශ්නය – එහෙමම කියලා කර අරින්න පුළුවන්ද ආණ්ඩුවකට?

“රාජ්‍ය ව්‍යවසායකට අදාළ ගෝල් එකක් පත්කරලා තියෙනවා. අදාළ CEO කෙනෙක් පත්කරලා තියෙනවා. ඒගොල්ලො මේ වෙලාවෙ තීරණයක් අරන්.”

ප්‍රශ්නය – රටේම කර්මාන්තවලට බලපාන තීරණයකදී ඔහොම අත පිහදාගන්න බැහැ නේද ආණ්ඩුවකට අපි නෙවෙයි CPC එකෙන් මිල වැඩි කළේ කියලා?

“මොකක්ද අපිට කරන්න තිබුණෙ ?”

ප්‍රශ්නය – ඔබතුමාලා අපෙන් අහලා වැඩක් නෑනෙ මොකක්ද යෝජනාව කියලා.

“පොඩ්ඩක් ඉන්න මම පැහැදිලි කරන කල්. මෙතන රාජ්‍ය ව්‍යවසාය දුවන්න ඕනෙ විදිය ගැන නීතිමය හා ව්‍යුහාත්මක පදනමක් තියෙනවා. රිවිව් කරනවා නම් අපිට රිවිව් කරන්න පුළුවන් මාසෙ අන්තිමට හරි අධි ලාභයක් ලැබුවොත් හරි. අපි CPC එකත් එහෙම රිවිව් කරනවා. දැන් ඒගොල්ලො පැහැදිලි තීරණයක් අරන් තියෙනවා මෙතන අලුතින් ආපු නැවට සාපේක්ෂව මෙහෙම ගන්න ඕනෙ කියලා. ඒකට අවශ්‍ය කරන කැබිනට් තීරණයක් ඒගොල්ලො දායි. කැබිනට් එකට එයි. නමුත් මේ ගත්ත තීරණය හදිසි වුණා කියලා ඒක අපිට ඩිසයිඩ් කරන්න බෑ. ඒක ඒ පරිපාලන නිලධාරීන් තීරණය කරපු එකක්. අපි ඉස්සරහටත් යන්නෙ – මම පැහැදිලිවම කියනවා – ලෝකෙ මිල වෙනස් වුණොත් අපේ මිල වෙනස් වෙනවා.”

අමාත්‍ය චතුරංග අබේසිංහ නියෝජ්‍ය මේ බව පැවසුවේ ඊයේ (10) සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *