බස් ගාස්තුව සියයට 12.9 කින් අඩු කළ බවත් එම බස් ගාස්තු සංශෝධනය හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්නන පවසයි.
එම බස් ගාස්තු සංශෝධනය පෞද්ගලික සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලුම බස් රථවලට අදාල බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
මේ අතර ත්‍රීරෝද රථ කුළිය පළමු කිලෝ මීටරය සඳහා රු. 100ක් ද දෙවන කිලෝ මීටරය සඳහා රු. 80ක් ද දක්වා ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කරයි.