තෙල් මිල අඩු කරන්න බැරි කාංචනගේ ගිවිසුම් නිසායි…! – දේවානන්ද සුරවීර…

December 3, 2024 at 10:21 am | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණ පොල් ගසක් සිටුවීමට හෝ කන්නයක් අස්වැද්දීමට හෝ කාලයක් ගත වූයේ නැති බව ජාතික ජන බලවේග කොලඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

එනිසා ඊළඟ කන්නය එන තෙක් රටින් හෝ ගෙනැවිත් ජනතාවට කෑම දෙන බව ද හෙතෙම පවසයි.

මේ වන විට ගැට ගසන ලද ඉන්ධන ප්‍රශ්නය මිල සූත්‍රය අනුව අඩුවීම වැඩිවීම සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි. ඒ පසුගිය කාලයේ හිටපු තෙල් ඇමතිවරයා එළඹුණු ගිවිසුම්වල ප්‍රතිඵල බවද හෙතෙම පවසයි.

ඉන්ධන ගෙන්වන සමාගම් සමග එකඟවන ලද ගිවිසුම් සමාලෝචනය කර ගැනීමටවත් කාලයක් ගත නොවූ බව ද හෙතෙම කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *