හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (24) මහරගම දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එම කාන්තාව ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.