තීරු බදු 15%කින් අඩු නොකළොත් ජනාධිපති නියම කළ මිලට හාල් දෙන්න බෑ…!

December 12, 2024 at 4:48 pm | by emanisa.lk

ආනයනික සහල් සඳහා පනවා ඇති තීරු බද්ද රුපියල් 15කින් අඩු කරන්නේ නම් උපරිම මිල යටතේ සහල් සිල්ලරට අලෙවි කිරීම සදහා ලබා දීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසුවේ ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220කට ආසන්න මුදලකට ලබා දීමට ආනයනකරුවන්ට හැකි බවය.

ඔහු වැඩි දුරටත් පැවසුවේ එම සහල් තොග වෙළදපොළට පැමිණෙන විට බෙදාහැරීම් ජාලය සඳහා කිලෝවකට සියයට 8-10ක අතර ප්‍රමාණයක වියදමක් දැරීමට සිදුවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *