තිරිකුණාමල කොටුව සහ වෙරළ තීරය අතර මේ දිනවල ගොඩනැඟන නවතම හින්දු කෝවිලක ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.
එම ඡායාරූප හුවමාරු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරන්නේ ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයට බලපාන වෙරළ සංරක්ෂණ නීති මෙම කෝවිලට බලනොපාන්නේ මන්ද යන්නය.
තිරිකුණාමල වෙරළ තීරයේ සංචාරක හොටෙල්, කෝවිල් ඇතුළු බොහෝ ඉදිකිරීම් දැකගත හැකි අතර ඒ කිසිවක් තහනම් කිරීමට හෝ ඉවත් කිරීමට මෙතෙක් කටයුතු කර නොමැත.
කෙසේ වුව ද අනවසරයෙන් තිරිකුණාමල වෙරළ තීරයේ ඉදිකිරීම් කිරීම සහ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාවට භික්ෂූන් වහන්සේලා සිව්නමක් ඇතුළු පිරිසක් පසුගියදා බන්ධනාගාරගත කෙරිණි.
මෙහි දැක්වෙන්නේ එම වෙරළ තීරයේ අලුතින් ඉදිකර මේ වන විට ටයිල් සවිකරන කෝවිලක දර්ශන පෙළකි.