බෞද්ධ උපසම්පදා පිංකමට TNA විරෝධය…!

May 13, 2023 at 9:59 am | by emanisa.lk

එළඹෙන මැයි 14 දින අස්ගිරි මහා විහාරයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් තිරිකුණාමල බෝගස් හතර පුණ්‍ය භූමියේ දී සියම් උපසම්පදා සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ දේශපාලනඥයන් පිරිසක් හා ඔවුන්ට සම්බන්ධ පිරිසක් විරෝධය පළ කරමින් සිටින බවත් වාර්තා වේ.

සියම් රට භික්ෂූන් වහන්සේලා වඩම්මවා උපසම්පදා කර්මය මෙරට සිදු කර මේ වන විට වසර 270 ක් ගත වී ඇති අතර, එය නිමිත්තෙන් සියම් දේශයෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා සියක් නමක් පාද චාරිකාවේ යෙදී සිටින බවත් වාර්තා වේ.

උන්වහන්සේලාගේ අභිප්‍රාය වී ඇත්තේ සියම් දේශයෙන් වැඩම කළ උපාලි මහ තෙරුන්වහන්සේ ඇතුළු විසි එක් නම ප්‍රථමයෙන් විවේකව වැඩ සිටි තිරිකුණාමල බෝගස් හතර පුණ්‍ය භූමියේ සැමරුම් උත්සවයක් සිදු කිරීමයි.

මෙම කටයුත්තට මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් විරෝධතා දක්වමින් සිටින බවයි, වාර්තා වන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස