තිරිකුණාමලයේ පිහිටි තෙල් මෙට්‍රික් ටොන් දස දහස බැගින් ගබඩා කළ හැකි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල ද තෙල් ටැංකි පරිශ්‍ර ඇති බවත් ඉන්දීය තෙල් සමාගමේ ද තෙල් ගබඩා ඇති බවත් පැවසු ඔහු තිරිකුණාමල ප්‍රදේශයට මෙතරම් තෙල් ටැංකි ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවත් සඳහන් කරයි.
ඒ සඳහා තෙල් ටැංකි 24ක් ප්‍රමාණවත් හෙයින් එම ප්‍රමාණය රජය යටතේ තබා ගෙන ඉන්දියන් තෙල් සමාගමට ටැංකි 10ක් පමණ ලබා දීමට එකඟ වූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
ඉතිරි තෙල් ටැංකි 61 යොදා ගෙන ඉන්දීය සමාගමක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සාකච්ඡා සිදුකරමින් ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
එහි තෙල් පිරිපහදුවක් ඉදිකර තෙල් ටැංකිවල ගබඩා කිරීමෙන් අනතුරුව ලෝක වෙළඳපොලට තෙල් සපයන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටී.
කළුතර කටුකුරුන්ද ප්‍රෙද්ශයේ ඊයේ (19) පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.