තැපැල් වර්ජකයන් සමග සියලු වෘත්තීය සමිති හිට ගන්නවා…! – ජෝෂප් ස්ටාලින්….

August 22, 2025 at 7:07 pm | by Namal

ආණ්ඩුව විසින් තැපැල් සේවක වෘත්තිය ක්‍රියාමාර්ගයට එරෙහිව ගන්නා මර්දනීය ක්‍රියාමාර්ග අත්හිටවූයේ නැතිනම් සියලු වෘත්තිය සමිති එක්ව තැපැල් සේවකයන්ගේ ආරක්ෂා වෙනුවෙන් පෙරට එන බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි.

එම සංගමමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ වර්ජනයේ යෙදෙන තැපැල් සේවකයන්ගේ වැටුප් නතර කරන බවට ආණ්ඩුව ලිපියක් නිකුත් කර ඇති බවත් එය පැහැදිලිවම වෘත්තීය අයිතිවාසිකම් මර්දනයක් බවත්ය.

මෙයාකාරයෙන් මර්දනීය ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ නායකයන්ට ගෙදර යන්නට සිදුවූ ආකාරය ද සිහිපත් කරගත යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

තැපැල් සේවක වර්ජනය සම්බන්ධයෙන් කොළඹ දී පැවැත් වූ ඒකාබද්ධ වෘත්තීය සමිති මාධ්‍ය හමුවක දී ජෝෂප් ස්ටාලින් මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *