රටේ නිවාස සංකල්පය වෙනස් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටිය ද රටේ තැන තැන නිවාස ඉදිකර තිබූ ක්‍රමය ඊට බාධාවක් වූ බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසයි .
එහෙත් පසුගිය ගංවතුර ඊට ආශීර්වාදයක් වූ බවත්, එමඟින් නව නිවාස සැලසුමකට යාමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කර ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේ ජනහමුවක් අමතමිනි.