දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.
“ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි මුළු ලංකාවේම මහජන ආරක්ෂාව සහතික කරලා තියෙනවා.
පාතාල කල්ලිවල ඝට්ටනයක් යන්නේ. නමුත් එකෙන් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ. අපේ මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ ගැන විශේෂ වැඩ කරගෙන යනවා.”
අද (25) පැවැති උත්සවයක දී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.