රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරු දෙදෙනා සමග ඝාතනය ලක් වු අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිටි බව පොලිසිය පවසයි.
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසන්නේ ඊට අදාළ එතරම් පැහැදිලි නොවන CCTV දර්ශනවල කජ්ජා සිටින බව අදාළ පුද්ගලයාගේ අංග ලක්ෂණ අනුව ඔහුගේ බිරිඳ තහවුරු කර ඇති බවයි.
එසේම කජ්ජාගේ ඝාතනයට බැකෝ සමන් නම් පුද්ගලයා සම්බන්ධ බව තහවුරු කරන සාක්ෂි ලැබී ඇතැයි ද වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කරයි.
අද (30) පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.