ත්‍රීවිල් කෑලි ගලවලා මිනිස්සු චූන් කළාට රටට සෙතක් නෑ…. රටට දුන්නේ බොරු පොරොන්දු කියලා ක්ලීන් වෙන්න…! – දිලිත්….

January 9, 2025 at 5:05 pm | by emanisa.lk

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවංකවම කටයුතු කරන්නේ ආණ්ඩුව කළ යුත්තේ තමන් දේශපාලන වේදිකාවේ ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කළ නොහැකි බව ජනතාවට ප්‍රකාශ කිරීම යැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා යැයි කියමින් ත්‍රීවිල්වල කොටස් ගලවමින් තව දුරටත් ජනතාව රැවටීමෙන් රට අඟලක් හෝ ඉදිරියට ගමන් නොකරන බව ද ඔහු අවධාරණය කරයි.

දිලිත් ජයවීර ප්‍රකාශ කළේ, වර්තමාන ආණ්ඩුව පවසන නිර්ධන පන්තියෙන් පැමිණි තමන් කොළඹ අතික්‍රමණය කළේ මහන්සියෙන් කටයුතු කර මිස අනුන්ගේ ඇඳුම් බෙල්ට් ණයට ඇඳ නොවන බවයි.

අද (09) පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, ව්‍යවසායකයකු වන තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ රටට යමක් දීමට මිස කැන්ටිමේ බත් කෑමට නොවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *