ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ අලු විහාරේටත් සෙනසුරු ලබයි… විහාරය අසලට දැවැන්ත මුස්ලිම් පල්ලියක්…!

November 13, 2026 at 2:56 pm | by emanisa.lk

ඓතිහාසික මාතලේ අලු විහාරේ රජමහා විහාරය අසල දැවැන්ත මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමට ඉඩම් වෙන්කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර යයි.

මාතලේ අලු විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටි ඓතිහාසික ලෙන් විහාරයකි. එය ක්‍රි.පූ. 3 වන සියවසේ මහින්දාගමනය සමග දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවා ශාසනයට පූජා කරන ලදි.

මුඛ පරම්පරාවෙන් පැවත ආ ත්‍රිපිටකය ලෝක ඉතිහාසයේ මුල් වරට ලේඛනගත කරන ලද්දේ මෙම විහාරස්ථානයේදී නිසා එය ලෝක බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී විහාරස්ථානයකි.

1848 මාතලේ කැරැල්ල අවස්ථාවේද මෙම විහාරස්ථානයේ පුස්තකාලය සහ එහි තැන්පත් කර පැවති පොතපත විශාල ප්‍රමාණයක් විනාශ කෙරිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *