ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස සහ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම්පත හකුළා ගන්නා ලෙසට වන යෝජනාවක් චාවකච්චේරි නගර සභාව සම්මත කරයි.
ඒ, එහි සභාපති වී. ශ්‍රීප්‍රකාශ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) රැස්වූ අවස්ථාවේදීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ මූලික මිනිස් අයිතිවාසිකම් හකුළා දමන බවද එම පනතේ කෘෘරත්වයට මුහුණ දුන් ප්‍රජාවක් ලෙස මෙම පනත අහෝසි කළ යුතු බවද යෝජනාව ඉදිරිපත් කරමින් සභාපති වී. ශ්‍රීප්‍රකාශ් අවධාරණය කළේය.
න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ නොහැකි බව පවසමින්, ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ අතර එම මන්ත්‍රීවරුන් තිදෙනා හැර සෙසු නියෝජිතයන් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහ.