ඉකුත් 2020 වසරේ ජුනි මාසයේදී ආනයන තහනම පැනවීමෙන් පසුව මේ දක්වා කාලය තුළදී නිත්‍යානුකූල ලෙස වාහන 6969ක් ආනයනය කර ඇතැයි රේගුව සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් 2020 වසරේ සිට මේ දක්වා වූ කාලයේදී මෝටර් කාර් සහ අමතර වාහන 3809ක්ද, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ලොරි, ට්‍රක් ආදී වාහන 2971ක්ද, ගිලන් රථ ඇතුළු විශේෂිත වාහන 189ක්ද ආනයනය කර තිබේ.
මෙම අතරින් වාහන 4348 ක් ආනයනය කර ඇත්තේ රටේ ආර්ථික අර්බුදය සහ ඩොලර් අර්බුදය උග්‍ර තත්ත්වයක පැවැති 2021 වසරේදීය. එම වසරේදී මෝටර් කාර් සහ වෙනත් වාහන 2409ක් ආනයනය කර ඇතැයි රේගු සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.
වාහන ආනයනය නිසා ඉකුත් 2018 වසරේදී රේගුව රුපියල් බිලියන 187ක බදු ආදායමක් උපයා තිබෙන බවත් එම වසරේ රේගුවේ සමස්ත ආදායමෙන් සියයට 23ක් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එහෙත් වාහන ආනයන තහනම නිසා මේ වසරේ රේගුවේ සමස්ත ආදායමෙන් වාහන බදු ප්‍රතිශතය සියයට 1.5ක් බව ද රේගුව කියයි.