තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කීවේ සංකේතාත්මකව.. නැතිව දෙන නිසා නෙමෙයි…! – මුදල් නි. ඇමති…

November 15, 2026 at 4:20 pm | by emanisa.lk

දිට්වා කුණාටුවට මුහුණ දෙන අවස්ථාවේ බොහෝ දෙනෙක් ජීවත් වූයේ ජීවත්වීමට සුදුසු නිවසක නොවන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

එහිදී ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළේ එම දේපළ තිබුණාට වඩා හොඳින් තැනීමේ සංකල්පය අනුව බවද ඔහු ප්‍රකාශ කරයි.

එම සංකල්පය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමා තහඩුවක් ගියත් ලක්ෂ දහයක් ලබා දෙන බව සඳහන් කළ බවද නි. ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දෙරණ 360 වැඩසටහනට එකතු වෙමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස