තව වසර 13කින් පාසලින් එළියට එන්නේ නාමල් එක්ක CID එන දසමහ යෝධයෝ නෙමෙයි…! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන…

February 6, 2026 at 4:07 pm | by emanisa.lk

අද ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපති අනුර දිසානායක සමග තරඟ කිරීමට කිසිදු නායකයෙකු විපක්ෂයේ නොමැති බව ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අල්ලා ගෙන විවිධ සංදර්ශන කළද විපක්ෂයේ ඡන්දය දිය හැකි කිසිවෙකු නොමැති බවද ඔහු අවධාරණය කරයි.

රට ඉදිරියට ගෙන යෑමට සිදුව ඇත්තේ නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ විට එහි පැමිණ දමසමහ යෝධයන් යැයි ඝෝෂා කරමින් කඩේ යන පිරිසක් සමග නම් එය දුර්දාන්ත තත්ත්වයක් බවද නි. ඇමති ප්‍රසන්න ගුණසේන අවධාරණය කරයි.

1 වසරේ සිට හඳුන්ව දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් වසර 13කට පසු සමාජයට එන දරුවා දේශපාලන වශයෙන් සබුද්ධික තීරණගත හැකි අයකු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *