තවම විකුණන්නේ කලින් ආණ්ඩුව ගෙනා තෙල්… මිල අඩු කරන්න බැරි ඒකයි…! – ජනපති..

November 7, 2024 at 2:41 pm | by emanisa.lk

මේ වන තුරු ලංකාවේ අලෙවි වන්නේ සිය ආණ්ඩුව විසින් ගෙන ආ තෙල් නොවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

අපේක්ෂා කළ ආකාරයට සහන මිලට තෙල් ලබා දීමට නොහැකි වී ඇත්තේ එම නිසා බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

තෙල් ව්‍යාපාරයේ රාජ්‍ය පංගුවක් තිබිය යුතු අතර තෙල් සංස්ථාවේ වියදම අඩු කර මිල නියම කිරීම කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

එවිට ඇතැම් සමාගම් ලාභ අලාභ මත නොව දේශපාලන හේතු මත රට අතහැර යා හැකි බවට ද හෙතෙම අනාවැකි පළ කරයි.

තෙල් මිල අඩු කිරීමේ දී සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95ට ලබා දිය යුතු මිල අඩු කිරීම සාමාන්‍ය ජනතාව භාවිත කරන පෙට්‍රල් සඳහා ලබා දුන්නේ නම් පෞද්ගලික ඉන්ධන අලෙවි සමාගම් සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 අලෙවි නොකර අයුතු ලාභ ලැබීමේ ඉඩක් ඇතැයිද අනුර දිසානායක ප්‍රකාශ කරයි.

සිරස සටන වැඩසටහනට එකතු වෙමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *