තවත් වෙට්ටු දැම්මොත් පාස්කු වාර්තා ප්‍රසිද්ධ කර රෙදි ගලවනවා…! – ගම්මන්පිලගෙන් ජනපතිට අභියෝගයක්…

October 14, 2024 at 3:21 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකළ ජනාධිපති විමර්ශන සභා වාර්තා දෙක වහාම ප්‍රසිද්ධියට පත්කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

එම වාර්තාවල පිටු අඩු බවට සහ කොටස් ගලවා අතුරුදන්ව කර ඇති බවට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි, ඔහු අවධාරණය කළේ.

එම සම්පූර්ණ වාර්තා මේ වන විට තමන්ට ලැබී ඇති බව සඳහන් කරන ගම්මන්පිල, සතියක් ඇතුළත ජනාධිපතිවරයා එම ඒවා ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් ප්‍රසිද්ධියට පත් කරන බවට අනතුරු අඟවයි.

එම විමර්ශන වාර්තා ප්‍රසිද්ධියට පත්වූ පසු අනුර පානයෙන් මත්ව සිටින ජනතාවට ආණ්ඩුවේ නියම ස්වරූපය දැකගත හැකි වනු ඇති බව ද උදය ගම්මන්පිල සඳහන් ක‍රයි.

අද (14) පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *