තවත් ජනතා පැතුමක් ඉටුවෙයි..! පාර්ලිමේන්තු භෝජනාගාරය මන්ත්‍රී පවුල් සඳහාත් විවෘතයි…!

March 30, 2022 at 12:18 pm | by emanisa.lk

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (01) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත.

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කෙරෙන්නේ ඒ අනුවයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවා ගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණු අතර පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් රැසක් සිය පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී ඉල්ලීම් ඉදිරිපත් කිරීමත් සමඟ මෙම අවස්ථාව ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *