තරුණ සමුළුව වසර 32ක් නොපැවැත්වූ කතාවත් බොරු… නි. ඇමති එරංග ගුණසේකර බිත්තියටම හේත්තුයි…!

August 15, 2025 at 2:55 pm | by Namal

ජාතික තරුණ සේවා සභාව විසින් 1993න් පසු තරුණ සමුළුවක් පවත්වා නැතැයි තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පවසයි.

ඒ අනුව වසර 32කට පසුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී තමන් තරුණ සමුළුවක් පැවැත්වු බවද ඔහු සඳහන් කරයි.

රතු ඉර සජීවී දේශපාලන වැඩසටහනේදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මේ බව සඳහන් කළ අතර යෞවන සමාජ ජාතික මණ්ඩලය ද වසර 4කින් ප්‍රතිසංවිධානය කර නොමැති බව ද පැවසීය.

කෙසේ වෙතත් මෙහිදී වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදි ක්ලෝඩ් ගුරුබැවිල පෙන්වාදී සිටියේ 2012 අගෝස්තු මාසයේ එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන්, එවකට තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරාගේ සංවිධායකත්වයෙන් තරුණ සමුළුවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වා ඇති බවයි.

එම අවස්ථාව දැක්වෙන ජායාරූප පෙළක්ද ප්‍රදර්ශනය කිරීමත් සමග මහත් අපහසුතාවට පත්වූ නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පැවසුවේ තමන් ඒ ගැන නොදැනුවත් බවත් තමන් කියා සිටියේ ලේඛනෙවල සඳහන් දේ බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස