තර්ජනය කළ මාලිමා මන්ත්‍රී ගැන සටහනක් තැබූ වැලිපැන්න OIC ඇල්පිටියේ සාමාන්‍ය රාජකාරියට….!

July 1, 2025 at 5:56 pm | by emanisa.lk

පොලිස් සැරයන්වරයකුට තර්ජනය කළ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ගැන පොලිස් පොතේ සටහනක් යෙදූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද සිල්වා සාමාන්‍ය රාජකාරී සඳහා ඇල්පිටිය කොට්ඨාසයට මාරු කර යවා තිබේ.

ඒ අනුව මේ අනුව වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද සිල්වා සාමාන්‍ය රාජකාරී සඳහා ඇල්පිටිය කොට්ඨාසයට මාරු කර තිබේ.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව රණසිංහ විසින් කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල්කරගෙන වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල දුරකතන අංකයට ඇමතුමක් ගෙන එම පොලිසියේ සැරයන්වරයකුට බැණ වැදී තිබුණු අතර පසුව ස්ථානාධිපතිවරයාගෙන් එම සැරයන්වරයාගේ අංකය ඉල්ලාගෙන එම නිලධාරියාට බැණ වැදී වව්නියාවට මාරු කර යවන බවට ද තර්ජනය කර තිබිණි.

මෙකී සිද්ධිය ගැන වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් පොතේ සටහනක් ද යොදා තිබුණු අතර තර්ජනයට ලක්වූ පොලිස් සැරයන්වරයා ද ඒ ගැන සටහනක් යොදා තිබුණි.

මීට අමතරව තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකු ද මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය විසින් මෙම මාරුකිරීම් සිදුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *