තඹුත්තේගම ස්ටේෂමට මිලියන 100ක් වෙන්කළ බව ජනපති දන්නෙත් නෑ..! – ඇමති බිමල්…

February 26, 2025 at 11:15 am | by emanisa.lk

තඹුත්තේගම දුම්රිය ස්ථානය ඉදිකිරීම කිරිම සඳහා ශක්‍යතා වාර්තාව සකස් කිරීම වෙනුවෙන් අයවැය මගින් රුපියල් මිලියන 100ක් වෙන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක නොදන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

එය සම්පූර්ණයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩක් බව ද ඔහු සඳහන් කළේය.

මෙම අය වැය අනුර කුමාර දිසානායකගේ අයවැයක් නොව සියලු දෙනා එක්ව සකස් කළ අයවැයක් බව ද ඇමැතිවරයා කීවේය.

විපක්ෂයේ විවේචන සතුටින් භාර ගන්නා අතර ආණ්ඩුව සර්ව සම්පූර්ණ නැති බව පිළිගන්නා බවත් එසේ සිතීමට තරම් අං ඇවිත් නැති බවත් ඇමති බිමල් රත්නායක සදහන් කරයි.

ඊයේ (25) ඔහු පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *