තඹුත්තේගම දුගී පවුලකට චන්ද්‍රිකාගෙන් නව නිවසක්…!

November 12, 2026 at 4:39 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තඹුත්තේගම අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

“තඹුත්තේගම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් මාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරමින් පවතින නිවසේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට ගියෙමි. ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගියද මහ ජනතාවට හැකි පමණ සේවය කිරීම මගේ ජීවන විලාසයයි.”

එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීම පිළිබඳ එතුමියගේ ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනක් ඉහත දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *