ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිසේත්ම ධූරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
රට පාලනය කිරීමට 69 ලක්ෂයක ජනවරමක් ඔහුට ඇති බවත් තවමන් එම ජනමතය එසේම පවතින බවත් පැවසූ ඔහු විරෝධතා දක්වන්නේ සුළු පිරිසක් යයි ද පැවසීය.
ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීමට රජයට හැකියාව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
අද (06) උදෑසන පාර්ලිමේන්තුවේ දී ඔහු මෙම අදහස් පල කළේ ය.