ණය ප්‍රතිව්‍යුහගතරණයෙන් මූලික අයිතිවාසිකම් කැඩුණා…! – වසන්ත මුදලගේ ශ්‍රේෂ්ඨාධීකරණයට….

September 20, 2024 at 4:30 pm | by emanisa.lk

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලගේ ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි.

ඒ එම ප්‍රතිව්‍යුහගතකරණය තුළින් මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය සියයට 05-07 ත් අතර පොලී ප්‍රතිශතයක් යටතේ ලබා ගත් අතර ප්‍රතිව්‍යුහගතකරණය සමග එය 7.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ නිසා බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 16.4 සිට බිලියන 19.1ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ තුළින් ශ්‍රී ලාංකික ජනතාව වෙත අති විශාල ආර්ථික බරක් පැටවී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *