වර්තමාන අනුර දිසානායක විපක්ෂයේ සිටිය දී ණය ගැනීම අපරාධයක් නොවන බව පුන පුනා ප්රකාශ කළේ යැයි ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ප්රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ අනුර දිසානායක අපරාධයක් බව කීවේ ගත් ණයවලට සිදුකරන දේ බවයි.
ලොව හැම රටක්ම ණය ගෙන සංවර්ධන කටයුතු සිදුකරන බවත් වර්තමාන ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ණය අරගෙන සංවර්ධන කටයුතු කිරීමට ගමේ මුදලාලි කෙනෙකුට වුව ද පුළුවන් යැයි කිසිම අවස්ථාවක සඳහන් නොකළ බවත් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
සිරස රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.