චීන ණය උගුලට රට හසු වූයේ චීනයේ නොව රාජපක්ෂ ආණ්ඩුවේ වරදින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව චීනයෙන් ණය ගෙන වරාය ගුවන්තොටුපළ හැදීමෙන් රට බංකොලොත් වූ බවයි.
ණය ගත්තේ නම් එම ණයෙන් කා බී ජීවත් වන්නේ ද ආදායම් උපයන ව්‍යපෘතිවල ආයෝජනය කරන්නේ ද යන්න තීරණය කළ යුතු බවයි, ඔහු අවධාරණය කළේ.
රාජපක්ෂ ආණ්ඩුුව ණයට වරාය ගුවන්තොටුපළ හදා රට විනාශ කළ බවත් වරක් ඒ පිළිබඳ සොයා බැලීමට ගිය විට පුද්ගලයෙකු පිස්තෝලයක් රැගෙන විත් තර්ජනය කළ බවත් එරාන් වික්‍රමරත්න සිහිපත් කළේය.