ඩෝබිලා බස් එකේ පාර්ලිමේන්තු ආවොත් මම යාපනේ ඉඳලා පයින් එනවා..! – අර්චුන් ර රාමනාදන්…

March 18, 2026 at 10:09 am | by emanisa.lk

යාපනයේ සිට කිලෝ මීටර් 400ක් ගෙවාගෙන පාර්ලිමේන්තු පැමිණනෙන්නට තමන්ට සතියට ලැබෙන්නේ තෙල් ලීටර් 15ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන් රාමනාදන් පවසයි.

ඒ අනුව යාපනේ සිට අනුරාධපුරයට පැමිණ සතියක් එහි නිදාගෙන නැවත ඊළඟ සතියේ තෙල් ගසාගෙන කොළඹ පැමිණ පාර්ලිමේන්තුවට සහභාගී වී කොළඹ සතියක් සිට නැවත සති දෙකකින් යාපනයට යෑමට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

බස්වල කෝච්චිවල පාර්ලිමේන්තු පැමිණෙන බව කී අය එසේ පැමිණියහොත් තමන් උතුරේ සිට දකුණට පයින් යන බවට අර්චුන් රාමනාදන් අභියෝග කරයි.

අවුරුදු දහයක් පහළොවක් බලයේ සිටිය හැකි යැයි මුලදී සිතුවද දැන් එය කිසිසේත් කළ නොහැකි බව අවබෝධ වූ පසු හැකි තරම් හොරකම්කරමින් ඇතැයිද බාල ගල් අඟුරු, කන්ටේනර් 323 ආදි මගඩිවලින් ආණ්ඩුව විශාල වංචා සිදුකරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *