ඩොලර් බිලියන 06ක් අඩුයි… කවුරු හරි හොරකම් කරලා…! – ඇමති ආනන්ද විජයපාල….

October 20, 2025 at 5:15 pm | by emanisa.lk

දේශීය වත්කම් ලෙස ඇස්තමේන්තු කර තිබූ ඇමරිකානු ඩොලර් කෝටි 600ක මුදලක් අතුරුදන් වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

මෙම අදහස් පළ කිරීම සිදු කළේ අපරාධයකින් උපයාගත් දේ විමර්ශන කොට්ඨාශය ආරම්භ කිරීමේ අවස්ථාවට අද (20) කොළඹ දී සහභාගී වෙමිනි.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ආණ්ඩු ඇමරිකානු ඩොලර් බිලියන 8ක ව්‍යාපෘති ණය ලබාගෙන තිබුණ ද, පවතින වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2කටත් වඩා අඩු මට්ටමක පවතින බවත් එය යම් පිරිසක් විසින් අත්පත් කරගෙන ඇති බවත් ය.

අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම තුළින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *