ඩොලර් අදින කංසා ව්‍යාපෘතිය නීති කෙටුම්පතේ හිරවෙයි..!

January 6, 2024 at 5:52 pm | by emanisa.lk

ත්‍රෛලෝක විජය පත්‍ර හෙවත් ඖෂධීය කංසා වගා කර අපනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් හේතුවෙන් එම ව්‍යාපෘති ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් අනාවරණය වෙයි.

ඖෂධීය කංසා වගාකර ආයුර්වේද නිෂ්පාදන කටයුතු සඳහා ඉදිරි කාලයේදී අපනයනය කිරීමට නියමිතය. මෙහිදී මෙම කංසා වගා කිරීමට දේශීය හා විදේශීය ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමට නියමිත අතර කංසා වගා කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ ඉඩම් ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙහිදී අදාළ ආයෝජකයා විසින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක තැන්පතුවක් තබා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වේ.

කංසා වගා කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ ඉඩම්වලින් අක්කරය, දෙක හෝ අක්කර තුනක භූමි ප්‍රමාණයක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *