ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී පැය 24යි… එක පෑන් පහරින් රට දෙපයින් හිටවන නියෝග 200යි… හිටපු ජනපතිලා පස්සේ දඩයමේ නොයයි..!

January 21, 2025 at 11:56 am | by emanisa.lk

ඊයේ (20) ඇමරිකාවේ 47 වන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාරම්භක උත්සවයෙන් අනතුරුව ජනාධිපති නියෝග 200කට පමණ අත්සන් කර ඇති බව වාර්තා වේ.

ඒ අතර ස්ත්‍රී සහ පුරුෂ ලිංගිකයන් පමණක් පිළිගැනීම, ලෝක සෞඛ්‍ය සංවිධානායෙන් ඉවත් වීම, සරණාගතයන් පිටුවහල් කිරීම, මෙක්සිකෝව සමඟ දකුණු එක්සත් ජනපද දේශ සීමාව වසා දැමීම, දේශසීමා තාප්පයක් ඉදිකිරීම, පැරිස් දේශගුණ ගිවිසුමෙන් ඉවත් වීම, ගබ්සාව තහනම් කිරීම, TikTok තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීම, හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, අල් කයිඩා, හමාස් ආදීය විදෙස් ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරීම, විදෙස් ආධාර දින 90කට නවතා දැමීම ප්‍රබල තීන්දු වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබුණේ, හිටපු ජනාධිපතිවරුන් සිය සම්පුර්ණ ධුර කාලය තුළවත් මෙතරම් නියෝග ප්‍රමාණවක් අත්සන් කර නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *