ලෝක වෙළඳපොළේ වර්තමාන ඉන්ධන මිල ගණන් අනුව ලංකාවේ ඩීසල් ලීටරයක මිල රු. 600ක් විය යුතු බව Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසයි.
දැනට ලංකාවේ ඩීසල් ලීටරයක් රු. 382 මට්ටමේ පවතින බවත් එය දැන් යාවත්කාලීන කළ යුතු බවත් බොහෝ විට අලුත් අවුරුද්දට පසු මිල ඉහළ දමනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එසේ නොවුණහොත් ඩීසල් සඳහා සහනාධාරයක් දීමට සිදුවන බවත් එය නැවත ඇති හැකි අයටම යන බවත් ධනනාත් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
මිල වැඩි නොකළහොත් විදේශ සංචිත අඩු වී රුපියල අවප්‍රමාණ වීමේ ගැටලුවක් ඇතැයිද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
දෙරණ නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව කීය.