ඩඩ්ලි සිරිසේන අපට ලොකු නෑ… එළවන්න කලින් වැව් රක්ෂිතයෙන් හෝටලය අකුළනු..! – කේ.ඩී. ලාල්කාන්ත…

July 20, 2025 at 4:47 pm | by emanisa.lk

මේ වසරේ සීමා මායිම් කරන වැව් තෝරා ගෙන ඇත්තේ දැනට ඇති ප්‍රතිපාදන අනුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඇතැමුන් පොළොන්නරුවේ මහා පරාක්‍රම සමුද්‍රය තෝරා නොගත්තේ ඩඩ්ලි සිරිසේනගේ සුදු අරලියා හෝටලය එම වැව් තාවුල්ලේ ඇති නිසා දැයි ප්‍රශ්න කරන බව ද ඇමතිවරයා කියයි.

කිසිවෙකු වැව් රක්ෂිතයක සිටින්නේ නම් ඉවත් විය යුතු බවත් මෙම වැඩපිළිවෙළ කුමන බාධක ආවත් ඉදිරියට ගෙන යන බවත් ලාල්කාන්ත අවධාරණය කරයි.

ඩඩ්ලි සිරිසේන නොව කිසිවෙකු තමන්ට ලොකු නැති බවත් ඔහු මෙරට ජනතාවට හොඳ තත්ත්වයේ සහල් ලබා දීමට කළ කාර්යභාරය අගය කරන බවත් ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වාදෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *