ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට අයත් සුදු අරලිය හෝටලය පිහිටා ඇත්තේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය තුළ නොවන බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.
“වැවකට තියෙනවා මායිමක්. ඒවායෙ මායිම් ගලුත් නෑ. එක එක කාලවල දීපුවා තියෙනවා. ඔය චන්ද්‍රිකාගෙ කාලෙ දීපුවා තියෙනවා, රනිල්ගෙ කාලෙ අල්ලා ගත්තු ඒවා තියෙනවා. මහින්දගෙ කාලෙ දුන්න ඒවා තියෙනවා. හැමෝගෙම කාලෙ ඒවා තියෙනවා, අපේ කාලෙ විතරයි නැත්තෙ. අපේ කාලෙ අපි එන්න දෙන්නෑ කොහොමත්. ඉන්න කට්ටිය ක්‍රමානුකූලව ඉවත් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්.
මම නම් ඩඩ්ලි ගැන කතා කරෙත් නෑ. සමාජය කතා කරන්න ගත්තාට පස්සෙ මටත් කියන්න සිද්ධ වුණා. කියන්න ඕනෙ දේ තමයි අරලිය හෝටලය තියෙන්නෙ වැවේ රක්ෂිතයේ නෙවෙයි. වැවේ නෙවෙයි. එතකොට ඒකෙ අයින් කරන්න දෙයක් නෑ. දැන් අභියෝග කරනවා පුළුවන් නම් ඒක අයින් කරන්න ලු. ඉතින් නැති බම්බුවක් කොහොමද අයින් කරන්නේ? අපි අයින් කරන්නෙ වැව ඇතුළෙ තියෙන ඒවා. ඩඩ්ලිගේ වුණත් වැටක් හරි ඇතුළෙ තියෙනවා නම් ඒක එතුමා අයින් කරගනී. අපි අයින් කරන්න දෙයක් නෑ.”
අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ ඊයේ (29) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.