ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් මෑතකදී මෙරටට ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී ‘Rolls Royce’ මෝටර් රථයට ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් මිලියන 70ක (ලක්ෂ 700) දැවැන්ත දඩයක් නියම කරලා තිබේ.
රේගු බදු අඩුවෙන් ගෙවීමේ අරමුණින් වාහනයේ සැබෑ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත මෙම දඩ මුදල නියම කර ඇත. තමා මිලට ගත්තේ ලෝකයටම 25ක් පමණක් නිෂ්පාදනය කළ ‘Centenary’ මාදිලියේ මෝටර් රථයක් බව ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළද එය අසත්‍යයක් බව වාර්තා වෙයි.
ආනයනකරුවන් විසින් රේගුවට දැනුම් දී ඇත්තේ මෙය ‘Rolls Royce Phantom Auto’ නම් බදු සහිතව බ්‍රිතාන්‍ය පවුම් 417,000ක් වටිනා රථයක් බව වුවද රේගු නිලධාරීන් විසින් පෙර කී රථයට වඩා දිගින් වැඩි සහ මිල අධික Phantom Auto EWB’ (Extended Wheelbase) නම් පවුම් 479 000ක් වන මාදිලිය බව හඳුනා ගෙන තිබේ.
මේ අනුව රේගුවට වැරදි තොරතුරු ලබා දීම සහ බදු වංචා කිරීමට උත්සාහ කිරීම යන කරුණු මත පැනවූ රුපියල් ලක්ෂ 700 දඩයමක් පනවා තිබේ. කෙසේ වුවද මෙම රථය ඩඩ්ලි සිරිසේන මුලින් සඳහන් කළ ‘Phantom Centenary’ නම් අති විශේෂ මාදිලිය වූයේ නම් එහි බදු මුදල රුපියල් බිලියන 1 (ලක්ෂ 1000) ඉක්මවීමට ඉඩ තිබූ බවත් රේගු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.