ටිල්වින්ලා තමයි ලංකාවේ නියම IRCකාරයෝ…! – පාඨලී…

November 1, 2025 at 11:12 am | by emanisa.lk

ආරක්ෂාව ලබා දී ඇති ටිල්වින් සිල්වා යනු මේ රටේ මිනිසුන් 6661ක් ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයක සන්නද්ධ අංශයේ පුද්ගලයෙකු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ටිල්වින් සිල්වලා මේ රටේ නොම්මර එකේ IRCකාරයන් බවත් ඔවුන් ට්‍රිලියන සිය ගණනක රාජ්‍ය දේපළ විනාශ කළ බවත් එවැනි පිරිසක් සුදු ඇඳගෙන අද පාර්ලිමේන්තුවේ සිටින බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට පාතාල සබඳතා ඇතැයි කීමට මොවුන් කවුදැයි පාඨලී චම්පික රණවක විමසා සිටියි.

ලසන්ත වික්‍රමසේකරට පාතාළ සබඳතා ඇතැයි ආරක්ෂාව නොදුන් ඇමති ආනන්ද විජේපාල, කොටි සංවිධානයේ දෙවෙනියා වන කුමරන් පද්මනාදන්ට ආරක්ෂාව ලබා නොදෙන්නේ දැයි ප්‍රශ්න කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *