ජනතා විමුක්ති පෙරමුණේ 36 වැනි ඉල් මහ විරු සමරුව නොවැම්බර් 13 වනදා කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එකතු වූහ.
මෙම ඉල් මහ විරු සමරුවේ අවසන් දේශනය සුපුරුදු ලෙස ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැත් වූ අතර මෙතෙක් එම දේශනය අවසන් කළ සුපුරුදු කවිය වෙනුවට නව කවියක් එහි දී ගායනා කෙරිණි.
පසුගිය සමයේ ටිල්වින් සිල්වා සිය සමරු දේශනය අවසන් කළ කවිය
“කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සාමය අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ වාරය ඇවිල්ලා”
සිය ආණ්ඩුවක් යටතේ පැවැත්වෙන පළමු ඉල් මහ සමරුවේ දී ගායනා කළ නව කවිය
“විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා
රතු මල් පිපේවා මිහිකත දෙරණ පුරා
ලෙල දෙන රතු ධජය දැඩි කොට සුරත දරා
පියවර නගමු නිවහල් නව ලොවක් කරා”