මැදපෙරදිග ගැටුම් ඇවිලීම සහ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සමග ඇමරිකාව විසින් ඉන්දියාවට රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට දින 30ක සහන කාලයක් ලබා දී තිබේ.
කෙසේ වුවද පසුගිය මස දක්වා රුසියාවෙන් ඉතාම සහන මිලට බොරතෙල් බැරල් මිලියන ගණනක් මිලට ගත් ඉන්දියාවට තව දුරටත් සහන මිලට ඉන්ධන ලබාදිය නොහැකි බව රුසියාව දන්වා තිබේ.
බොහෝ කලක් රුසියාවෙන් සහන මිලට තෙල් ගත් ඉන්දියාව, ඇමරිකානු බලපෑම් නිසා රුසියාවෙන් තෙල් මිලට ගැනීම සීමා කර පසුගිය මස සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යොමු වූයේ රුසියාවට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවය.
කෙසේ වුවද රුසියාව ඉන්දියාවට දැනුම් දී ඇත්තේ මේ වන විට චීනට විශාල වශයෙන් සිය තෙල් මිලට ගන්නා නිසා සහන මිලට තෙල් ලබාදිය නොහැකි බවයි. ඉන්දියාව බොරතෙල් බැරලයක් මෙයට පෙර මිලදී ගෙන ඇත්තේ ඩොලර් 4-5ක මිලටය. ඒ බැරලයකට ඩොලර් 13ක පමණ වට්ටමක් සමගිනි. පසුගිය සමයේ ඉන්දියාව අත්කරගත් ඉහළ ආර්ථික වර්ධනයට රුසියාවෙන් සහන මිලට ලැබුණු බොරතෙල් මූලික හේතුවක් බව විචාරකයෝ ප්‍රකාශ කරති.