ට්‍රම්ප් බදු සාකච්ඡාවට ගිය එකම රට කීවේ වැරදීමකින්… හොඳම රට කීවෙත් වැරදීමකින්… එහෙම වැරදීම් වෙනවා…! – මුදල් නි. ඇමති…

July 17, 2025 at 2:15 pm | by emanisa.lk

ඇමරිකාව සමග තීරු බදු පිළිබඳ සාකච්ඡා කරන එකම රට ශ්‍රී ලංකාව යැයි තමන් කළ ප්‍රකාශයේ අඩුපාඩුවක් ඇතැයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පවසයි.

තමා එමගින් අදහස් කළේ එම සාකච්ඡා මගින් ඉහළම ප්‍රගතියක් ලබා ගත් ආසියානු රට ලංකාව බව යැයි ද හෙතෙම සඳහන් කරයි. ලංකාවට අප්‍රේල් 01 වෙනිදා 44%ක බද්දක් පැන වුව ද එය 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත් එය ඉහළම බදු අඩු කර ගැනීම බවත් නි. ඇමතිවරයා පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරණ 360 වැඩසටහන සමග එකතු වෙමිනි.

එහි දී කළිඳු කරුණාරත්න පෙන්වා දුන්නේ අප්‍රේල් 01 වෙනිදා ඇමරිකාව වියට්නාමයට 46%ක බදු පැනවුව ද අනතුරුව එය 20%ක් දක්වා අඩුකර ගැනීමට සමත්ව ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නි. අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ තමන් එය පිළිගන්නා බවත් කතා කරන විට එවැනි වැරදි සිදුවිය හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *